අරමුණු රැසක් ඇතිව රුසියාවේ නියෝජ්‍ය අගමැති ඉන්දියාවට

අරමුණු රැසක් ඇතිව රුසියාවේ නියෝජ්‍ය අගමැති ඉන්දියාවට

රුසියාවේ නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්තුරොව් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

දෙරට අතර වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අන්තර් රාජ්‍ය රුසියානු-ඉන්දියානු කොමිසමේ සම සභාපතිත්වය භාරගැනීම සඳහා ඔහු එලෙස ඉන්දියාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩෙනිස් මන්තුරොව් රුසියාවේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ද වනවා.

මෙම සංචාරයේදී ඔහු දින දෙකක කාලයක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

එහිදී මැන්ටුරොව් ද්විපාර්ශ්වික රැස්වීම් ගණනාවක් ද පවත්වනු ඇති බවයි ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

එම සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආර්ථික සහ මානුෂීය සහයෝගීතාවය පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමට දෙපාර්ශවය සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This