
අරියම්පති වෙරළට අසාමාන්‍ය ලෙස රතු කකුළුවන් ගසාගෙන එයි
මඩකලපුවේ, ආරයම්පති සහ කාත්තාන්කුඩි වෙරළ තීරයේ රතු කකුළුවන් විශාල සංඛ්‍යාවක් පණපිටින් ගොඩ ගසා සිටින බව වාර්තා වනවා.
අප වාර්තාකරු පවසන්නේ මෙම කකුළුවන් ගෙන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර ඇතැම් කකුළුවන් පන පිටින් සිටින බවයි.
පසුගිය දින කිහිපය තුළ අසමාන්‍ය ලෙස රතු කකුළුවන් වෙරළට ගසාගෙන එන බව ධීවරයින් පවසනවා.
මෑතකදී රටේ විවිධ ප්‍රදේශවල රතු කකුළුවන් වෙරළට ගසාගෙන පැමිණීම් වාර්තා වී තිබෙනවා.

