
අල්ලස් කොමිසමට පැමිණි රාජිත “කොළ හලාගෙන” ආපසු බන්ධනාගාරයට යයි (VIDEO)
අල්ලස් කොමිසම හමුවේ අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගියා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන යන අතර ඔහු රැගෙන පැමිණි ලිපි ගොනුවක් බිම වැටී විසිරී ගියා.
මේ අවස්ථාවට රාජිත ගේ පුත් චතුර සේනාරත්නද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ සිටියා.