
අල්ලස් ගත් කල්මුණේ කාර්ති උසාවියේ කාර්ති විනිසුරුවරයකු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට
රු.2,300 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් කල්මුණේ කාර්ති උසාවියේ කාර්ති විනිසුරුවරයකු සහ ඔහුගේ බිරිද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (18) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිසම පවසන්නේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම මරදමුණේ කාදියාර් කාර්යාලය තුලදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
පැමිණිලිකාරිය දික්කසාදවී ඇති සැමියා විසින් ළමයි තිදෙනා වෙනුවෙන් මාසිකව ලබා දෙන නඩත්තු මුදල කාර්ති උසාවිය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමේ දී එම පැමිණිළිකාරියට ලබාදීම සදහා කටයුතුකර දීම වෙනුවෙන් මාසිකව රු.300 බැගින් ඉල්ලා මෙතෙක් ලබාගෙන තිබෙනවා.
අදාල තැනැත්තියට දැනට ගෙවනු ලබන රු. 18,000 ක නඩත්තු මුදල වැඩිකර දීම සදහා අවශ්‍ය කටයුතුකර දීම සදහා රු.2000 ක අමතර මුදලක් සහ මාසිකව ලබාගන්නා රු. 300 ක මුදල යන ගාස්තු දෙක ලබා ගැනීමේ දී මෙලෙස අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කළා.