
අල්ලස් ගත් චන්කානයි සුරාබදු කාර්යාලයේ නිලධාරින් තුන්දෙනෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් යැයි පවසමින් ලක්ෂ විස්සක අල්ලස් ලබාගත් චන්කානයි සුරාබදු කාර්යාලයේ නිලධාරින් තුන්දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස් සංජීව් මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ සවස සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මෙම සුරාබදු නිලධාරීන් තිදෙනා සමග මාදගල් ප්‍රදේශයේ පුද්ගලයකු මාදගල් වෙරළ තීරයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්පසු ඔවුන් පවසා ඇත්තේ ඔවුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් නිලධාරීන් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා චන්කානෙයි ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් එහිදී එම සැකකරුගේ දුරකථනයෙන්ම ඔහුගේ සහෝදරියට දුරකථන ඇමතුමක් ලබා දී සහෝදරයා නිදහස් කිරීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ විස්සක මුදලක් අවශ්‍ය බව පවසා තිබෙනවා.
ඉන් පසුව එම සහෝදරිය විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබා දුන් තොරතුරකට අනුව උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඊයේ සවස චන්කානයි ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලය වටලා එම අල්ලස් ලබා ගත් සුරා බදු නිලධාරීන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ වයස අවුරුදු 48 ,36 සහ 32 වයස් වල පසුවන සුරා බදු ප්‍රධාන නිලධාරියකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙක්.
අත්අඩංගුවට පත් සුරාබදු නිලධාරීන් තිදෙනා අද දින මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.