අල්ලස් ගත් රද්දොළුගම පොලීසියේ  කොස්තාපල් අත්අඩංගුවට

අල්ලස් ගත් රද්දොළුගම පොලීසියේ කොස්තාපල් අත්අඩංගුවට

රුපියල් තුන්දහසක (රු.3,000/-) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රදවදාළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රථ වාහන වරදක් සම්භන්ධයෙන් රියදුරු බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නීිති මඟින් කටයුතු නොකර
රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් තුන්දහසක (රු.3,000/-) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේදී අදාල රද්දොළුගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ නිලධාරීන් පැවසුවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේ රද්දොළුගම ,වෑත්තෑව මංසන්ධියේ දීයි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදි‍රිපත් කිරීමට නියමිතයි.

Share This