
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම අල්ලස් මුදල සිය කාර්යාලය තුළදී දරුවාගේ මවගෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඇය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.