අල්-ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් පවතිනවා

අල්-ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් පවතිනවා

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් පවතින බව නිලධාරීන් සඳහන් කරනවා

අවශ්‍ය හදිසි ප්‍රතිකාර පිළිබඳව කණස්සල්ලක් පවතින අතර, විදුලිය විසන්ධිවීම නිසා නොමේරූ ළදරුවන් ඉන්කියුබේටර් වලින් ඉවත් කර ඇති බව වෛද්‍යවරු පවසනවා.

මේ වනවිට මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැසී අතර සමූහ මිනීවළක මිහිදන් කර ඇති බවද සඳහන්

පලස්තීන අධිකාරියේ (PA) සෞඛ්‍ය අමාත්‍ය Mai al-Kaila චෝදනා කරන්නේ ඊශ්‍රායලය රෝහල තුළ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් මනුෂ්‍යත්වයට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට එරෙහිව නව අපරාධයක් සිදු කරන බවයි

අල්-ෂිෆා ගාසා තීරයේ විශාලතම රෝහල වන අතර හමාස් සංවිධානයට අයත් අණදෙන කඳවුරක් එහි ඇති බව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යන රටවල් දෙකම කියා සිටියත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරනවා .

බුද්ධි තොරතුරු මත පදනම්ව අල්-ෂිෆා රෝහලේ නිශ්චිත ප්‍රදේශයක හමාස් සංවිධානයට එරෙහිව නිශ්චිත සහ ඉලක්කගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව IDF මීට පෙර තහවුරු කළා

 

Share This