අල්-ෂිෆා හි ජලය හෝ ඔක්සිජන් ඉතිරිව නැහැ – රෝහල් අධ්‍යක්ෂ

අල්-ෂිෆා හි ජලය හෝ ඔක්සිජන් ඉතිරිව නැහැ – රෝහල් අධ්‍යක්ෂ

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් වටලන ලද ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බවත් රෝගීන් පිපාසයෙන් කෑගසන බවත් එහි අධ්‍යක්ෂවරයා පවසනවා.

රෝගීන් 650කට වැඩි සංඛ්‍යාවක්, වෛද්‍ය කාර්ය මණ්ඩලය 500ක් සහ අවතැන්වූවන් 5,000 ක් සිටින අල්-ෂිෆා රෝහලේ තත්ත්වය ඛේදජනක බවයි අධ්‍යක්ෂ මුහම්මද් අබු සල්මියා සඳහන් කරන්නේ

ඊශ්‍රායල යුද ටැංකි ගාසා නගරයේ රෝහල වටකර තිබූ බවත්, ඩ්‍රෝන යානා හිසට ඉහළින් නාද වන අතර ඊශ්‍රායල සොල්දාදුවන් තවමත් රෝහල ඇතුළත එහා මෙහා ගමන් කරමින් සිටින බවත්, ඔවුන්ගේ මෙහෙයුම දෙවන දිනටත් පැවති බවත් ඔහු කියා සිටිනවා

මේ අතර ඊශ්‍රායල හමුදාව කියා සිටියේ හමාස් සංවිධානයට එරෙහි සිය මෙහෙයුම විචක්ෂණශීලී, ක්‍රමානුකූල සහ පරිසමාප්ත ආකාරයකින් ක්‍රියාත්මක වන බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බදාදා (15) අලුයම අල්-ෂිෆා රෝහලේ වැටලීම දියත් කළ දා සිට, ඔවුන් හමාස් සංවිධානය සතු ආයුධ සහ උපකරණ යැයි පවසන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක්ද නිකුත් කරනු ලැබුවා .

එමෙන්ම අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ඊශ්‍රායල හමුදා අල්-ෂිෆා හි ප්‍රධාන ජල මාර්ගය පුපුරුවා හැර ඇති බවයි.

Share This