අලියෙකු පහරදීමෙන් තිදෙනෙකුට තුවාල – ත්‍රිරෝද රථයකටත් බරපතළ හානි

අලියෙකු පහරදීමෙන් තිදෙනෙකුට තුවාල – ත්‍රිරෝද රථයකටත් බරපතළ හානි

වැල්ලවාය පොලිස් වසමට අයත් ආනපල්ලම 03 කණුව ප්‍රදේශයේ නිවසකට අද (14) අලුයම ගම්වැදුණු අලි රංචුවකින් එක් අලියෙකු නිවසකට පහරදී තිබෙනවා.

එහිදී එම නිවස දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර නිවස තුළ සිටි කුඩා දරුවන් දෙදෙනෙකුට සහ තවත් අයෙකුට තුවාල සිදුවී ඇති බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.

ඒ අසල තවත් නිවසක තිබූ ත්‍රිරෝද රථයකටද අලියා පහරදීමෙන් අඩි දහයක් පමණ දුරකට විසිවී ගොස් ඊට බරපතළ හානි සිදුවී ඇති බව සඳහන්.

මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් නොසන්සුන්වී වැල්ලවාය මොනරාගල මාර්ගය 03 කණුව ප්‍රදේශයෙන් අවහිරකර විරෝධතාවයක නිරත වී තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත්වී විරෝධතාකරුවන්ට වැල්ලවායට පැමිණ සිටින ඌව පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට එකඟවීමෙන් පසු වැල්ලවාය මොනරාගල මාර්ගයේ වාහන වලට ගමන්කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This