අලි නිසා කරදර විඳින ගම

අලි නිසා කරදර විඳින ගම

පොළොන්නරුව අරලගන්විල නිදන්වල ප්‍රදේශයේ ජනතාව නිරන්තරයෙන් එල්ලවන වනඅලි තර්ජන හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් මේ සම්බන්ධයෙන් බලධාරින් කොතෙකුත් දැනුවත් කළ ද ඊට අවධානය යොමු නොවන බවයි ගම්වාසින් පවසන්නේ.

ගෙවුණු දින කිහිපය තුළදී පමණක් ගම්මානයේ නිවාස 5කට පමණ වන අලි හානි සිදුකර ඇති බවට වාර්තා වනවා.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට ගම්වදින වන අලින් සිය දේපළවලට සහ වගාවන්ට නිරන්තරයෙන් මෙලෙස හානි සිදු කරන බව ගම්වාසින් පවසනවා.

මීට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඊයේ රාත්‍රියේදීයි.

ඒ අනුව ගෙවුණු දින කිහිපය තුළදී වන අලි විනාශ කර ඇති සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 5ක්.

වනජීවී නිලධාරින් ඇතුළු බලධාරින් කොතෙකුත් දැනුවත් කළ ද එය බීරි අලින්ට වීනා වැයීමක් බවට පත්ව ඇති බවයි ගම්වාසින් පැවසුවේ.

අරලගන්විල නිඳන්වල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් වගකිවයුතු නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදී සිය ජන ජීවිතය යථාවත් කර දෙන ලෙසයි.

Share This