අලි සබිරිට අපහාස කල බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම පිලිකා රෝහලට….

අලි සබිරිට අපහාස කල බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම පිලිකා රෝහලට….

හිටපු අධිකරණ ඇමති අලි සබිරි මහතා බලපිටිය අධිකරණයට බලපෑමි සිදු කලේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල් මහතාට දඩ මුදලක් ගෙවන ලෙස ඊයේ (17) කොළඹ දිස්ත්‍රික් අධිකරණය නියෝග කළා.

දඩ මුදල වන රු.1,000,000/- මහරගම පිළිකා රෝහලට ප්‍රධානය කරන ලෙසයි නියෝග කෙරුණේ.

බේරුම්කරණයේ කොටසක් ලෙස, ජාතික සිංහල පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහරගම පිළිකා රෝහලට රු. 1,000,000/- ක් ලබා දීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයා ලෙස ඔහු සේවය කළ කාලය තුළ බලපිටිය මහාධිකරණයේ හෝ වෙනත් කිසිදු අධිකරණයක විනිසුරුවරයෙකුට කිසි විටෙකත් බලපෑම් නොකළ බව නීතිඥවරුන් පැහැදිලිවම තහවුරු කර තිබුණා.

 

Share This