අලුත්වන විදුලි බිල

අලුත්වන විදුලි බිල

ලබන ජූලි මාසයේ පළමු වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි

එමෙන්ම ශෘහස්ථ සහ එම කාණ්ඩයේ පිරිසට වැඩි සහනයක් සැලසෙන අයුරින් යෝනාව සකස් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම, ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90 – 120 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බවයි එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ

මේ අතර ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිතයි

එම යෝජනාව හෙට (07) හෝ ලබන සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා

Share This