අලුත් ක්ෂේත්‍ර 14කින් බදු ගන්න සැරසෙයි

අලුත් ක්ෂේත්‍ර 14කින් බදු ගන්න සැරසෙයි

මෙතෙක් කලක් සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට කිසිවෙකුටත් ඉඩදී නොමැති බවයි ඔහු කියා සිටියේ

එමෙන්ම නව ක්ෂේත්‍ර අතරට පෞද්ගලික පාසැල් , පෞද්ගලික උපකාරක පංති , මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන , ඉංජිනේරු සේවා , නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදිය ද ඇතුළත් වනවා

ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාළව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිළිබඳ දැඩි විමර්ශනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

Share This