අලුත් වෙන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම ප්‍රතිසංස්කරණය ඇරඹේ

අලුත් වෙන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම ප්‍රතිසංස්කරණය ඇරඹේ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ වුණා..

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස නවීකරණයකට ලක්වන්නේ වසර 60 කට පසුවයි.

ගුවන් හමුදාව විසින් සිදුකෙරෙන එහි නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 425කි.

අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.

මාස 8 ක කාලයක් එහි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර ව්‍යාපෘතිය ලබන වසරේ නිම කිරීමට නියමිතයි.

නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කරයි.

Share This