අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් අලුත් සහල් එක්රැස් කිරීම සාර්ථකව (වීඩියෝ)
ලබන අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමට නියමිත 55 වන අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් නෙලා ගත් අලුත් සහල් එක්රැස් කිරීම අදත් ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා.
මෙවර අලුත් සහල් මංගල්‍යයේ ද මාධ්‍ය දායකත්වය දරන්නේ ස්වර්ණවාහිනිය සහ ශ්‍රී එෆ් එම්. ගුවන් විදුලියයි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ හා ගොවිජන සංවර්ධන දෙපාර්ථමේන්තුවේ සංවිධානයෙන් පැවැත්වෙන 55 වන අලුත් සහල් මංගල්‍ය සඳහා සහල් එක්රැස් කිරීම ඊයේ (18) පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණා.
මහ කන්නයේ දී නෙලාගත් වී අස්වනු සහල් කොට එහි අග්‍ර ඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමේ චාරිත්‍රයට අනුගත වෙමින් මෙවරත් අලුත් සහල් මංගල්‍ය සංවිධානය කෙරෙනවා.
ඒ අනුව අදත් ප්‍රදේශ කිහිපයකදී අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් සහල් එක්රැස් කිරීමේ කටයුතු සිදු කෙරුණා.
මේ අතර කන්තලේ ප්‍රදේශයේ ජනතාව කන්තලේ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත අලුත් සහල් භාරදුන් අතර මාවතගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් තමන් නෙලා ගත් අලුත් සහල් ලබා දීමට ගොවි ජනතාව කටයුතු කළා.