අලුත උපන් බිළිඳා නාන තටාකයේ ගිල්වා ඝාතනය කළ අමෙරිකානු කතට වසර 50ක සිර දඬුවමක්

අලුත උපන් බිළිඳා නාන තටාකයේ ගිල්වා ඝාතනය කළ අමෙරිකානු කතට වසර 50ක සිර දඬුවමක්

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ 24 හැවිරිදි කාන්තාවක් තම දියණිය නාන තටාකයක ගිල්වා මරා දැමීමේ චෝදනාවට වරදකරු වීම නිසා ඇයට වසර 50ක සිර දඬුවමක් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Taylor Blaha නම් කාන්තාව බලධාරීන් තම රුධිරයේ මත්ද්‍රව්‍ය ඇති බවට සොයාගෙන ඇයගේ වැඩිහිටි දරුවාගේ භාරකාරත්වය ඉවත් කරනු ඇති බවට බියවූ හෙයින් කුඩා දරුවාව මෙසේ ඝාතනය කර තිබෙනවා.

මේ කුඩා දරුවාව උපතට පෙර ගබ්සා කිරීමටයි මේ කාන්තාව සැලසුම් කර ඇත්තේ. නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Blaha පසුගිය සිකුරාදා මිනීමැරුම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇයට එකවර දඬුවම් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඇය සමාව සඳහා සුදුසුකම් ලැබීමට පෙර සිරදඬුවමෙන් සියයට 70 ක් ගෙවිය යුතු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Blaha ගේ පෙම්වතා වන 31 හැවිරිදි Brandon Thoma ද පසුගිය මාසයේදී දරුවෙකු අනතුරට ලක් කරවීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම තම අලුත උපන් දියණියගේ ඇඩීම වැළැක්වීම සඳහා අඩක් පිරවූ නාන තටාකයක දිය යට තබාගෙන සිටි අතර පසුව දරුවාගේ සිරුර බෑගයක ඔතා වනාන්තර ප්‍රදේශයකට විසි කර ඇති බවයි පොලිසිය අනාවරණය කරන්නේ.

කෙසේ වෙතත් බිළිඳාගේ දේහය සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This