
අවමගුල් ගෙදර ගමන අවමගුලකින් අවසන් වෙයි
පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් 42 හැවිරිදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරිමක්
දැදිගම පොලිස් වසමේ, බෙලිගල, කුඹල්ගම, මීමුරේ ප්‍රදේශයේ අවමංගල නිවසකට ගොස් ආපසු එමින් සිටි දෙදෙනකු ඔවුන්ගේ නිවෙස් අසලදී ඇතිවු පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් එක් අයෙක් අනෙකාට පිහියෙන් ඇන තිබෙනවා.
පසුව එම පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා බෙලිගල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද අදාල පිහිය ඇනුම සිදුකළ පුද්ගලයාමයි.
රෝහලට ඇතුළත් කරන විටත් රෝගියා මියගොස්ව සිට ඇති බව දැදිගම පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බෙලිගල, කුඹල්ගම, මීමුරේ ප්‍රදේශයේම පදිංචි දෙදරු පියකු වන 42 හැවිරිදී L. තරංග මලලසේකර නමැති අයෙක්.
සැකකරුද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.