අවි ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් සුඩානයේ දැවැන්ත ගින්නක් (VIDEO)

අවි ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් සුඩානයේ දැවැන්ත ගින්නක් (VIDEO)

සුඩානයේ Khartoum අගනුවර ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් වාර්තා වී තිබෙනවා

පවතින ගැටුම් මැද සටන් පාර්ශ්වයන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ගින්න හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි අවි ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව ගින්න පැතිර ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවන භටයින්ට පවා එම ස්ථානයට ළඟා විය නොහැකි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් ගින්නට ආසන්න ගොඩනැගිලිවල සිරවී සිටි පවුල් සියල්ල ඉවත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සුඩාන හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායම් දෙකම පැය 24 ක මානුෂීය සටන් විරාමයකට එකඟ වූ නමුත් මිනිත්තු කිහිපයක් ඇතුළත සටන් විරාමය බිඳ වැටුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This