අවුන්සාන් සුකීගේ සිර දඬුවම් කාලය අඩු කරයි

අවුන්සාන් සුකීගේ සිර දඬුවම් කාලය අඩු කරයි

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව පනවා ඇති සිර දඬුවම් කාලය අඩු කර තිබෙනවා.

ඒ අනුව ඇයට එරෙහිව පනවා තිබූ වසර 33ක සිර දඬුවම වසර 6කින් අඩු කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මියන්මාර හමුදාව විසින් අවුන්සාන් සුකීට එල්ල කර ඇති චෝදනා 19න් 5කට සමාව හිමිව තිබෙනවා.

පසුගිය සතියේදී අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ රඳවා තැබුණා.

78 හැවිරිදි අවුන්සාන් සුකී, හමුදා කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තැබීමට පියවර ගත්තා.

Share This