අවුරුද්දයි මාස 08ක දැරිය අපයෝජනය කළ 65 මහල්ලා වසර 15 ක් හිරේ

අවුරුද්දයි මාස 08ක දැරිය අපයෝජනය කළ 65 මහල්ලා වසර 15 ක් හිරේ

වයස අවුරුදු 1යි මාස 08ක කුඩා දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ චූදිතයෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (10) නියම කළා.

මෙලෙස දඬුවම් නියම වුයේ අක්මිමණ කාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුටයි.

චෝදනා දෙකකට වරදකරුවීම නිසා මහාධිකරණය මෙම දඩුවම නියම කර තිබෙනවා.

පළමුවන චෝදනාවට වසර 03 ක සහ දෙවන චෝදනාවට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

2018 වසරේ අක්මීමන පොලිස් වසමේ කාසල් වත්ත ප්‍රදේශයේදී සැකකරු විසින් අසල්වාසි නිවසක සිය මව සමග නිවසේ සිටියදි මෙම කුඩා දැරියට යමක් අරන් දීමට කඩයකට රැගෙන යන බව පවසා බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙම අතවරය සිදුකර තිබෙන බව නඩු විභාගයේ දී තහවුරු වී තිබුණා.

චූදිතයාට සිර දඬුවමට අමතරව පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Share This