අවුරුද්ද පුරාවට රුපියල් 75ට පොල් (වීඩියෝ)

අවුරුද්ද පුරාවට රුපියල් 75ට පොල් (වීඩියෝ)

මෙම වසර පුරාවටම රුපියල් 75ක ස්ථාවර මිලකට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පොල් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී පොල් ගෙඩියක් රුපියල් 75 කට අලෙවි කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙළෙඳපොලේ පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ඉදිරියේ දී ලංකා සතොස හරහා අලෙවි කරනු ලබන පොල්වල මිලගණන් ද අඩු වනු ඇති බව සඳහන් කළා.

කෙසේ වෙතත් වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගියද, රුපියල් 75ක ස්ථාවර මිලකට පොල් අලෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මෙරට පොල් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයා වෙත අවම මිලකට පොල් ලබාදීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් පර්යේෂණ ආයතනය විසින්, වෙළෙඳ අමාත්‍යාංශය සහ ලංකා සතොස අළෙවිසැල් ජාලය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා.

ඒ, අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

Share This