අවුරුදු 09ක් වූ රාගල පාසල් සිසුවියකගෙන් නව ලෝක වාර්තාවක්

අවුරුදු 09ක් වූ රාගල පාසල් සිසුවියකගෙන් නව ලෝක වාර්තාවක්

රසායන විද්‍යා ආවර්ථිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 118ක විද්‍යාත්මක නම් සහ මානව ශරීරයේ ඇතුළත ඇති සියලු අවයවයන්ගේ නම් දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් ඉතා අඩු කාලයක් තුළ මතකයෙන් පවසමින් චෝලන් ලෝක වාර්තාවක් පිහිටවීමට රාගල රිලාමුල්ල අරුණෝද්‍යා දමිළ මහා විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්ව තිබෙනවා.

මෙම දස්කම දැක්වූ සිසුවිය වන්නේ සංගරදාස් කන්ෂිකායි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් කිහිපය අතරින් එක් පාසලක් වන වලපනේ අධ්‍යාපන කලාපයට අයත් කඳපොල රිලාමුල්ල අරුණෝද්‍යා ප්‍රාථමික විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබා ශිෂ්‍යාවක් වන සංගරදාස් කන්ෂිකා මානව ශරීරයේ අවයවයන් සහ එහි අභ්‍යන්තර අවයව 168 ක විද්‍යාත්මක නාමයන් දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් මිනිත්තු 04ක් වැනි කෙටි කාලයකින් නිවැරදි ස්ථාන පෙන්නුම් කර නම් කිරීම හා රසායන විද්‍යා ආවර්ථිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 118 ක විද්‍යාත්මක නම් මතකයෙන් නිවරදිව සඳහන් කර “චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්ස්” ලෝක වාර්තා පොතට නව වාර්තාවක් පිහිටුවීම ඊයේ (16) සමත් වුණා.

ඇගේ මෙම වාර්තාමය උත්සාහය නිරීක්ෂණය කළේ ඉන්දීය චෝලන් ලෝක වාර්තා පොතේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවාණි රාජා මහතා සහ චෝලන් ලෝක වාර්තා පොතේ ශ්‍රී ලංකා සභාවේ මධ්‍යම පළාත් ප්‍රධානි එස්.පී.චන්ද්‍රමෝහන් මහතාගේ ඉදිරියේදීයි.

ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයෙන් ඇයගේ කාර්යය අවධානයෙන් හා පරීක්ෂාකාරීව නිරීක්ෂණය කළ විනිසුරුවන් විසින් එය ලෝක වාර්තාවක් ලෙස පිළිගෙන එය ලෝක වාර්තාවක් හැටියට ලියාපදිංචිි කරනු ලැබ තිබෙනවා.

චෝලන් ලෝක වාර්තා ශිෂ්‍යාවක් වූ සංගරදාස් කන්ෂිකා ට හිමි සහතික පත්‍රය පදක්කම සමරු ලාංඡනය සහ ලිපි ගොනු යනාදිය විනිසුරුවන් සහ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩී.එම්.එම්.බී.දිසානායක මහත්මිය සහ පාසලේ විදුහල්පති වීරමලෙයි විජේන්ද්‍රන් මහතා විසින් ප්‍රදානය කළා.

චෝලන් ලෝක වාර්තා පිහිටු වූ ශිෂ්‍යාව වෙනුවෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය සහ විදුහල්පති විශේෂ සුභ පැතුම් එක් කිරීමද මෙහිදී සිදු වුණා.

 

 

Share This