අවුරුදු 12ට වැඩි දරුවන්ට දීමට WHO ආයතනය නිර්දේශ කර තිබෙන එන්නත

අවුරුදු 12ට වැඩි දරුවන්ට දීමට WHO ආයතනය නිර්දේශ කර තිබෙන එන්නත

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ දුර්මතයන් පැතිරී යන බවයි

“නමුත් එන්නත් පිළිබඳව අනු කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය, සී.ඩී.සී. ආයතනය, ඔක්ස්ෆර්ඩ් මයෝමින් කියන ආයතන නිර්දේශයන් ලබාදීලා තියෙනවා ෆයිසර් එන්නත තමයි දරුවන්ට නිර්දේශිත එන්නත කියලා.

අපි කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදීම සිද්ධ වෙනවා.

ඒ අවුරුදු 12-19 කාණ්ඩය.

එහිදී දීර්ඝ කාලීන රෝග තියෙන අයට ප්‍රමුඛතාව ලබා දීමට පියවර ගෙන තියෙනවා.

ඊට ප්‍රධාන හේතුව තමයි එම කණ්ඩායම අවදානමකට ලක්නොකර පාසල් ආරම්භයේදීම ඔවුන්ට සම අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම.

වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය ඉදිරි කටයුතු කරනවා වගේම එන්නත් මිලියනයක් ඉදිරියේදී රටට ලැබෙනවා.

ඒ අනුව අපි වයස අවුරුදු 19-18-17 කියන වයස් කාණ්ඩයන්ට එන්නත් ලබාදීම සිදුකරනවා. අනතුරුව 12-15 කියන වයස් කාණ්ඩයට එන්නත දෙනවා.

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුර්මතයක් පැතිර යනවා මේකෙන් දරුවන්ට භායනක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා කියලා.

නමුත් ලෝකයේ කිසිම තැනක දරුවකුට ජීවිත හානි සිදුවුණා කියලා වාර්තා වෙලා නෑ. සුළු ප්‍රමාණයක් රෝහල් ගතවීම් සිද්ධවෙලා තියෙනවා.

ඊට වැඩිය කිසිම සිදුවීමක් සිදුවෙලා නෑ.

වයස අවුරුදු 12-15 අතරේ දරුවන්ට දෙවැනි එන්නතක් ලබාදීම පිළිබඳව තවම තීරණයක් නෑ.

අපි රජයෙන් මේ වන විට ඉල්ලීම් කරලා තියෙනවා පාසල් විවෘත කරන්න කියලා.

පාසල් වහලා තියෙනවට වඩා පාසල් නැවත විවෘත කිරීම වාසිදායක බව යුනිසෙෆ්, යුනෙස්කෝ ලෝක සෞඛ්‍යය සංවිධානය කියලා තියෙනවා. ඒ නිසා පාසල් විවෘත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා තිබෙනවා.

මේ මස පළමුවැනිදා රට විවෘත කරනවද කියන එක වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු ආයතන මේ මස 30 වැනිදා ජනාධිපති ඇතුළු කොවිඩ් කාර්ය සාධක බළකාය එක්ව පැවැත්වෙන රැස්වීමෙන් පසුව තීරණය කරනවා

තිහට වැඩි පිරිස් එන්නත ලබා ගැනීම සිදුකිරීම හොඳ තත්ත්වයක තිබ්බත් 20-30 අතර වයස් කාණ්ඩවල තරුණ තරුණියන් ෆයිසර් එන්නතම ලබාගත යුතුයි කියන මතයක ඉන්නවා.

මේ වෙනකම් එන්නත් ලබාගත් කිසිදු අයකුට අතුරු ආබාධ ඇතිවෙලා තියෙනවා කියලා වාර්තා වෙලා නෑ.

මේ එන්නත් විතරක් නෙමෙයි ඕනෑම එන්නතක් ගත්තහම ඇතැම් අයට සංකූලතා ඇතිවෙන්න ඉඩ තියෙනවා

ඒක සාමාන්‍ය දෙයක්. පවතින තත්ත්වය මත එන්නත්කරණයට ලක්වීම ඉතා හොඳ යැයි වෛද්‍යවරයා පවසනවා

Share This