අසත්‍ය ප්‍රකාශ කරන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් ගෙන් චෝදනා

අසත්‍ය ප්‍රකාශ කරන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් ගෙන් චෝදනා

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වී මිලදී ගැනීම සඳහා රජය මගින් තමන්ට මුදල් ලබාදී ඇති බව පැවසුවද එම ප්‍රකාශය අසත්‍යක් බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසනවා.

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

යල කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනි ම සඳහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් ආරම්භ කළ අතර ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සහතික මිලක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ වෙතත් ගොවීන් චෝදනා කළේ තවමත් ඇතැම් රජයේ වී ගබඩා තම අස්වනු මිලදී ගැනීම සඳහා සූදානමක් නොමැති බවටයි.

මෙවන් පසුබිමක 2025 වසර සඳහා වී මිලදී ගැනීම සඳහා රජයේ බැංකු විිසින් මෝල්හිමියන්ට ණය මුදල් ලබා දී ඇති බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගිය 09 වැනිදා මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී පැවසුවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි වී මිලදී ගැනීම සඳහා රජයෙන් තමන්ට මුදල් ලබා දී නොමැති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ප්‍රදේශ රැසක ලොකු ලූනු වගාවන් විනාශ වෙමින් පවතින තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

වගාව සඳහා යොදාගත් බීජවල දුර්වලතා මේ තත්ත්වයට හේතු වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

මොරගහකන්ද කලාපයට අයත් හෙක්ටයාර 6,000ක පමණ වගාකර ඇති ලොකු ලූනු වගාවට මෙම බලපෑම එල්ලවී තිබෙනවා.

Share This