අසර්බයිජානය Nagorno-Karabakh හි හිටපු නායකයාව අත්අඩංගුවට ගනියි – පළා යන සරණාගතයින් ගණන ඉහළට

අසර්බයිජානය Nagorno-Karabakh හි හිටපු නායකයාව අත්අඩංගුවට ගනියි – පළා යන සරණාගතයින් ගණන ඉහළට

Nagorno-Karabakh වෙතින් පලා යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සරණාගතයින්ගේ නිල සංඛ්‍යාව දැන් එම ප්‍රදේශයේ ජනගහනයෙන් අඩකට ආසන්න වන අතර එම කලාපය වාර්ගික ආර්මේනියානුවන්ගෙන් හිස් වන බවද සඳහන්

Nagorno-Karabakh හි වාර්ගික අර්මේනියානුවන් 120,000 ක පමණ ජනතාවක් වෙසෙන බවයි විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළේ.

ගෝරිස් නගරය කරා පැමිණෙන සරණාගතයින් ලියාපදිංචි කිරීමට දිගු වේලාවක් බලා සිටීමට සිදුව ඇති අතර එම ප්‍රදේශයේ හෝටල් පිරී ඇති බවයි වාර්තා වන්නේ

සරණාගතයින්ට රට පුරා නිවාස ලබා දෙන අතර ගෝරිස්හි පාසලක්ද නේවාසිකාගාරයක් බවට පත් කර තිබෙනවා

මේ අතර අසර්බයිජානය හිටපු Nagorno-Karabakh හි හමුදා නායකයා අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

වසර තුනකට පෙර අසර්බයිජානය Karabakh සහ ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කරගත් අතර සැප්තැම්බර් 19 වන දින සම්පූර්ණ යටත්වීමක් ඉල්ලා සිටියා

Share This