අසර්බයිජාන හමුදා සහ Karabakh හමුදා සටන් විරාමයකට එකඟ වෙයි

අසර්බයිජාන හමුදා සහ Karabakh හමුදා සටන් විරාමයකට එකඟ වෙයි

අසර්බයිජානයේ හමුදාව Nagorno-Karabakh හි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පැය විසිහතරකට පසුව, වාර්ගික අර්මේනියානු හමුදා සටන් විරාමයක් සඳහා වූ රුසියානු කොන්දේසිවලට එකඟ වී තිබෙනවා

Karabakh හමුදා පිළිගෙන ඇති ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වන්නේ සම්පූර්ණ නිරායුධකරණය සඳහා වූ යෝජනාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අසර්බයිජානයේ කොටසක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් දකුණු කොකේසස් ප්‍රදේශයේ වාර්ගික අර්මේනියානුවන් 120,000ක් පමණ ජීවත්වනවා

වසර තුනකට පෙර අසර්බයිජානය Karabakh සහ ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කරගත් අතර ඊයේ (19) සිට සම්පූර්ණ යටත්වීමක් ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

අසර්බයිජානියානු හමුදාව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දියත් කළ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇති බව Nagorno-Karabakh බලධාරීහු පවසා තිබෙනවා

අසර්බයිජානයේ ජනාධිපති කාර්යාලය පැවසුවේ අසර්බයිජානියානු නගරයක් වන යෙව්ලාක්හිදී නිලධාරීන් Karabakh හි අර්මේනියානු නියෝජිතයන් හමුවීමට නියමිත බවයි .

රුසියානු සාම සාධක භටයින් විසින් සිදු කරන ලද මැදිහත්වීමකින් එරට දේශීය වේලාවෙන් පස්වරු 1:00 සිට මෙහෙයුම් සම්පූර්ණයෙන් නැවැත්වීමට එකඟතාවකට පැමිණි බව එම ප්‍රදේශයේ නායකයින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

කෙසේ වෙතත්, සටන් විරාමය ක්‍රියාත්මක වූ වහාම ප්‍රාදේශීය අගනුවරට තවමත් විශාල පිපිරීම් ඇසෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This