අසල්වැසියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන අයෙක් ටෙක්සාස්හි දී අත්අඩංගුවට

අසල්වැසියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන අයෙක් ටෙක්සාස්හි දී අත්අඩංගුවට

ටෙක්සාස් ප්‍රාන්තයේ අසල්වැසියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙඩි තැබූ බවට සැක කෙරෙන 38 හැවිරිදි Francisco Oropesa නැමැත්තෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ,ඇති වූ ආරවුලකින් පසු ඔහු අසල්වැසියන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඝාතනයට ලක්වූවන් සියල්ලෝම හොන්ඩුරාස් ජාතිකයින් වන අතර ඒ අතරට වයස අවුරුදු නවයක දරුවෙකු ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

හොන්ඩුරාස් විදේශ අමාත්‍යාංශය විසින් ඝාතනයට ලක්වූවන් හඳුනාගෙන ඇති බවද වාර්තා වනවා

මිනීමැරුම් චෝදනා පහක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාවිතා කළ අවිය ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද එරට පොලිසිය පවසනවා.

Share This