
අස්ගිරි අනු නාහිමියන් වැඩි පෙනුම් ගමන් චාරිත්‍රය
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි ධුරයට අභිනවයෙන් තේරී පත්වූ බවට මල්වතු විහාරයට නිල වශයෙන් දැනුම්දීමේ පෙනුම් ගමන් චාරිත්‍රය ඊයේ පැවැත්වුණා.
මේ අවස්ථව සඳහා මල්වතු අස්ගිරි විහාරයන්හි මහ නාහිමිවරුන්, නාහිමිවරුන්, ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් එක්ව සිටියා.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් පත්වූ බවට මල්වතු පාර්ශ්වයට නිල වශයෙන් දැනුම් දීම හෙවත් පෙනුම් ගමන් යාමේ චාරිත්‍රය ඊයේ සිදුකෙරුණා.
සියවස් තුනකට අධික කලක සිට සිදුකරනු ලබන මෙම චාරිත්‍රය මඟින් සෙන්කඩගලපුර මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ සමගිය සහ සහෝදරත්වය විදහාපානු ලබනවා .
මේ අවස්ථාව සදහා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්, නාහිමිවරුන්, ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ රැසක් එක්ව සිටියා.