අස්වැසුම අප්‍රේල් දීමනාව අද සිට

අස්වැසුම අප්‍රේල් දීමනාව අද සිට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය කියා සිටියේ අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බවයි

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් වෙන්කර තිබෙනවා

එමෙන්ම අදාළ පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944ක් සඳහා රුපියල් බිලියන 2.9ක මුදලක් ද ගිණුම් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ

එමෙන්ම 2025 අයවැය මගින් වැඩිකළ රුපියල් 5000 ක වැඩිහිටි දීමනාව ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන්

Share This