
අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම්වලට
2025 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (13) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දන්වා සිටිනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා විසින් මේ බව ප්රකාශ කළ බව සඳහන්.