අස්වැසුම ප්‍රතිලාභීන්ට නොලැබුණු හිඟ මුදල් ගැන දැනුම්දීමක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී පවුල් සඳහා මෙතෙක් ගෙවීමට නොහැකි වූ හිඟ මුදල් හෙට (27) දිනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ලබා ගත හැකි බව එම මණ්ඩලය පවසනවා.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 212,423කට හිඟ මුදල් ප්‍රමාණය ලෙස රුපියල් 1,314,007,750,00කට ලබා දීමට නියමිතයි