
අස්වැසුම වාදය දුරදිග ගොස් සීයා – මුණුබුරා ඝාතනය කරලා
අස්වැසුම මුදල් පිළිබඳව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සීයා විසින් 23 හැවිරිදි මුණුපුරාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් බුලත්කොහුපිටිය පොලිස් වසමේ ඇදුරාපොළ වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් (73) හැවිරිදි පුද්ගලයා බුලත්කොහුපිටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
