
අස්වැසුම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම් හා සහකාර ලේකම්වරුන් සහභාගී කර ගැනීමට අදාළව යෝජනාවක්
ප්‍රාදේශීය ලේකම් හා සහකාර ලේකම්වරුන් අස්වැසුම වැඩසටහනට සහභාගී කර ගැනීමට අදාළව පවතින ගැටලු කඩිනමින් විසඳන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ නිලධාරීන් ඉල්ලා ඇති දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති පැහැදිලි කිරීම් ලැබුණු සැනින් අදාළ ගෙවීම් පිළිබඳ චක්‍රලේඛය නිකුත් කරන බවයි.