අස්වැසුම හිමි හා අහිමි ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට දීමනාවක්
අස්වැසුම හිමි හා අහිමි ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය අවශ්‍යතා සඳහා රුපියල් හයදහස බැගින් වූ දීමනාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඒ අනුව රු. 6000/- බැගින් වූ දීමනාවක් ලබාදීමට කටයුතු කරන අතර මේ සඳහා වයස අවුරුදු 5ත් – 18ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බවත් ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළා.
පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් 55%කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී ඇති අතර ග්‍රාමීය හා වතුපාසල් ආශ්‍රිතව මෙම තත්ත්වය වඩාත් උග්‍ර අතට පත්ව ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වාදෙන්නේ.
ඉන් 53%කට අධික දරුවන් සංඛ්‍යාවක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බවත් 26% ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇති බව ඇය සඳහන් කරනවා.
පාසල් දිවා ආහාර වැඩසටහන වැනි දැනට පවත්නා වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදු කරමින් දරුවන් පාසල තුළ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.