
අස්වැසුම 14 ලක්ෂයකට වැඩි පිරිසකගේ ගිනුම් වලට මුදල බැර කිරීම අද
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ගේ ඔක්තෝබර් මස දීමනාව පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිනුම් වෙත අද (15) බැර කිරීමට කටයුතු කරන බව මුදල්,ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මෙලෙස ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ පහළොස් දහස් දාසයක් අතර බෙදාදෙන මුදලේ වටිනාකම එකොළොස් බිලියන දෙසිය විසිතුන් මිලියන අටසිය තිස් අට දහස් හත්සිය පනහක මුදලක්.