අහංගම – කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී  ලොරි රථයක් දුම්රියේ ගැටෙයි

අහංගම – කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටෙයි

අහංගම – කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (04) ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී ලොරි රථයේ තවත් පුද්ගලයකු සිට ඇති අතර සිදුවන්නට යන අනතුර දැක ඔහු ලොරි රථයෙන් පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ සංඥා ක්‍රියා විරහිත වී ඇති බව දන්වන පුවරු සවිකර ඇති අතර මෙම ස්ථානයේ බොහෝ අනතුරු සිදුවී ඇති බවයි.

ලොරි රථය අනතුරට ලක්වන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

 

Share This