
අ.යි.සී.සී. ජූනි මාසයේ ක්‍රීඩකයා නිදේශිත නම් අතරට පැතුම් නිශ්ශංකගේ නමත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජූනි මාසය සදහා නම් කළ ක්‍රීඩක ලයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ගේ නම නිර්දේශ වී තිබෙනවා.
ජූනි මාසයේ ICC ක්‍රීඩකයාට නිර්දේශ වී ඇති සෙසු නම් වන්නේ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මක්‍රාම් සහ දකුණු අප්‍රිකාවේ ක්ගීශෝ රබාඩායි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මක්‍රාම් දැක්වූ දක්ෂතා ඔහු මාසයේ දක්ෂතම ක්‍රීඩකයාට නිර්දේශ වීමට හේතු වී තිබෙනවා.
එමෙන්ම එම තරගාවලිය තුළ රබාඩා පන්දුවෙන් දැක් වූ දස්කම් ඔහුගේ නම ජූනි මාසයේ ක්‍රීඩකයා ලෙස නිර්දේශ වීමට හේතුවයි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදී පැතුම් නිශ්ශංක පිත්තෙන් දැක් වූ දස්කම් ඔහුගේ නම නිර්දේශ වීමට හේතු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ අඩවියේ දැක් වෙනවා.