ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයට ආ අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයට ආ අනුමැතිය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධව ඉදිරිපත්කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරෙනු ඇති.

Share This