ආණ්ඩුවේ විදුලි සංශෝධන වලට එරෙහි විරෝධයක්

ආණ්ඩුවේ විදුලි සංශෝධන වලට එරෙහි විරෝධයක්

සාධාරණ පිරිවැය සංකල්පය යටතේ විදුලිබලය ගණනය කිරීමේ තිබූ ක්‍රමය රජයේ නව සංශෝධන පනත මගින් සාධාරණ ලාභය සංකල්පයට ලක් කිරීමෙන් ජනතාව පීඩාවට පත් කරන බවට චෝදනා කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ රාත්‍රි දිවුලපිටිය, මැල්ලවගෙදර නගරයේදී පන්දම් විරෝධයක් සිදු කළා.

දැනට පවතින විදුලි බිල පවා ගෙවා ගත නොහැකිව ජනතාව සිටින අවස්ථාවක සමාගමක ලාභයක් වෙනුවෙන් විදුලිය පාරිභෝගිකයා සූරා කන්නට කටයුතු කරන බවට
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මෙම විරෝධතාවයේදී චෝදනා කළා.

ප්‍රාදේශීය ලේකම්ට තිබුණු බලතල මේ පනතින් ඉවත් කර ඇතැයි විරෝධතා කරුවන් චෝදනා කරනවා.

රාත්‍රී හතට පමණ ආරම්භ කෙරුණු මෙම විරෝධතාවය පැයක පමණ කාලයක් පැවැත් වුණා.

Share This