
ආණ්ඩුව බස් හිමියන් “බයිට්” එකට අරගෙන යැයි චෝදනාවක්
ආණ්ඩුව බස් රථ හිමියන් “බයිට්” එකට අරගෙන ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසනවා.
අද (13) කොළඹ දී පැවති බස්නාහිර පළාත් බස් රථ හිමියන්ගේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
“ඉවසුවා ඇති ” හ්ඓහ්ස් පැවසූ රණසිංහ මහතා බස් හිමියන් ජෝකර්ලා බවට පත් කිරීමට ඉඩ නොදෙන බව පැවසුවා.
බස්නාහිර පළාතට අයත් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බස් හිමියන් ද ඉදිරියේ එකතුව රජයේ අකටයුතුකම් වලට එරෙහිව කටයුතු කරන බව සම්පත් රණසිංහ මහතා තවදුරටත් පැවසුවා.
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ බලපත්‍ර ලග තබාගෙන බස් රථ නොදුවා සිටීම වරදක නොවන් නේද යන්නයි.
ඊට සෘජු පිළිතුරක් නොදුන් බස් රථ හිමියන් පැවසුවේ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාස 6ක් ඉක්මවා බස් රථ ධාවනය නොකළ බස් රථ බලපත්‍ර අලුත් නොකිරීම අසාධාරණ බවයි.
බස් රථ පරණ වීමත්,නව බස් රථ ගැනීමට ආර්ථික ගෙටලු නිසාත්,ආනයනය කළ බස් රථ පැමිනීම ප්‍රමාදයත් නිසා බලපත්‍ර අවලංගු කිරීම වැරදි බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා එහිදී සදහන් කළා.