ආදිවාසීන්ගේ ගැටලුවලට මාස 03ක් තුළ විසදුම්

ආදිවාසීන්ගේ ගැටලුවලට මාස 03ක් තුළ විසදුම්

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ටද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා

ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ

වැදි ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිළිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටලු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බවයි එහිදී පෙන්වා දුන්නේ

Share This