ආධාර ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යැවීමට ඊජිප්තු ජනපති එකඟ වෙයි

ආධාර ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යැවීමට ඊජිප්තු ජනපති එකඟ වෙයි

ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් දක්වා යාමට ඉඩ සැලසෙන හරස් මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා .

කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ආධාර නැව්ගත කිරීම සිකුරාදා (20) දින වන තෙක් සිදු නොවනු ඇති බවයි

ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා ජනාධිපති බයිඩන් එරටට පැමිණි අවස්ථාවේදී මෙය සඳහන් කර ඇති අතර ගාසා තීරයේ රෝහලක සිදුවූ පිපිරීමකට ඊශ්‍රායලය කිසිදු සම්බන්ධයක් නොමැති බවද ප්‍රකාශ කර තිබෙනවා

පලස්තීන සිවිල් වැසියන් නවාතැන් ගෙන සිටි රෝහලක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 471 දෙනෙකු මිය ගිය බවයි ප්‍රාදේශීය බලධාරීහු පවසන්නේ

හමාස් සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයට දෝෂාරෝපණය කළ නමුත් එහි හමුදාව පවසන්නේ පිපිරීම සිදුවූයේ පලස්තීන රොකට් ප්‍රහාරයක් නිසා බවයි.

ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමත් සමග ආරම්භ වූ සටනේදී ඊශ්‍රායල ජාතිකයන් 1400ක්‌ සහ පලස්‌තීනුවන් 3500ක්‌ පමණ මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This