ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට

ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට

මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී Martin Griffiths නිවේදනය කර තිබෙනවා

එය පලස්තීනුවන්ට ලැබෙන තවත් කුඩා බලාපොරොත්තුවක් බවත් නමුත් ඔවුන්ට තවත් බොහෝ දේ අවශ්‍ය බවත් ඔහු අනතුරු අඟවනවා

ඊයේ(22) පළමු ආධාර තොගය සාදරයෙන් පිළිගත් නමුත් දිනකට ට්‍රක් රථ කිහිපයක් යැවීම ප්‍රමාණවත් නොවන බවයි Oxfam පුණ්‍යායතනය සඳහන් කරන්නේ

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය යන රටවල නායකයින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටින අතරම ඊශ්‍රායලයට සහය පළ කර තිබෙනවා

මීට පෙර ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu හමුදාවන්ට ප්‍රකාශ කළේ තම ජනතාව ජීවිත සටනක යෙදී සිටින බවත් හමාස් සංවිධානයට එරෙහි යුද්ධය ජීවිත පරදුවට තබා සිදුකරන බවයි.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර තීව්‍ර කිරීමට ප්‍රතිඥා දී ඇති අතර තවමත් උතුරේ සිටින පලස්තීනුවන්ට දකුණට පලා යන ලෙස අනතුරු අඟවා ඇති බවයි පැවසෙන්නේ .

මේ අතර ඊශ්‍රායලය සිය හමුදා ක්‍රියාමාර්ගය වහාම නතර නොකළහොත් මැද පෙරදිග පාලනයෙන් මිදීමට ඉඩ ඇති බවට ඉරාන විදේශ ඇමති ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබෙනවා

1400කට අධික පිරිසක් ඝාතනය කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කර සති දෙකකට වැඩි කාලයක් ගතවී තිබෙන අතර ගාසා තීරයේ පලස්තීන බලධාරීන් පවසන්නේ එතැන් සිට 4,600 කට වැඩි පිරිසක් මරා දමා ඇති බවයි

Share This