
ආධාර රැගෙන චීන ගුවන් යානයක් කටුනායකට
ආපදාවට පත් වූවන්ට ආධාර රැගත් චීන රජයේ ගුවන් යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
එම ආධාර බාර ගැනීමට ගුවන් තොටුපළට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද පැමිණ සිටියේ අදාල ආධාර රජයේ නියෝජිතයින්ට බාර දීම සඳහායි.



