ආනයනය කල වාහන 1200ක් වරායේ හිර වෙලා

ආනයනය කල වාහන 1200ක් වරායේ හිර වෙලා

ආනයනය කල වාහන 1200ක් පමණ මේ වනවිට වරාය තුළ සිර වී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

මේ ගැටලුව විසඳීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව අද පාර්ලිමේන්තුවේදී විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

2025 වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට රජය වාහන ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේ වන විට මෝටර් රථ 14000 පමණ මෙරටට ආනයනය කළා.

කෙසේ වෙතත් මේ වන විට වරාය තුළ විවිධ හේතූන් මත රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකිව වාහන රැසක් සිර වී ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

Share This