ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ යනු අති.

ආනයනික බොම්බයි ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40 කින් ඉහළ දමා තිබෙනවා.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බවයි.

 

Share This