ආන්දෝලනාත්මක බහළුම් 323 ගැන සෙවීමට පත් කළ කමිටු වාර්තාව කෝ? -පෙරටුගාමීන් අසයි

ආන්දෝලනාත්මක බහළුම් 323 ගැන සෙවීමට පත් කළ කමිටු වාර්තාව කෝ? -පෙරටුගාමීන් අසයි

ආන්දෝලනාත්මක බහළුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව පිට කළත් අදාළ සමාගම්වල නම් හෙළි නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව පෙරටුගාමී සමාජ වාදී පක්ෂය පවසනවා.

සමගි ජන බලවේගය ද පවසන්නේ අවස්ථා ගණනාවකදී එම සමාගම්වල නම් හෙළිකරන ලෙස ඉල්ලා සිටියත් ආණ්ඩුව එම ඉල්ලීම මඟහරිමින් සිටින බවටයි.

ආනයනික බහළුම් නිදහස් කිරීමේ දැඩි ප්‍රමාදයක් සහ දැඩි බහලුම් තදබදයක් හට ගත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිටයි.

ඒ අතරතුර බහලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් පසුගියදා ගොඩනැගුණු පසුබිමක එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත්කළා.

මේ අතර සිද්ධිය පිළිබඳ සෙවීමට පත් කළ ජනපති කමිටුව සිය කමිටු වාර්තාව පසුගිය ජුනි මස 12 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දුන්නත් එය ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයට චෝදනාවක් ද එල්ල කළා.

එවැනි පසුබිමක් තුළ ජනපති කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ද හෙළිදරව්වක් සිදු කළා.

Share This