
ආපදාවට පත් වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය මුදාගන්න නාවික හමුදාවෙන් මෙහෙයුමක්
ආපදාවට පත් වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළබඩ මුර සංචාර නෞකාවක් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100 ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක් වූ MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර් ය මණ්ඩලය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ඊයේ පිටත්ව ගොස් තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ සමුද්‍ර සෙවීම් සහ මුදවා ගැනීමේ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්ෂණිකව දියත් කළ බවයි.
ඒ අනුව මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ ඉන්දියානු,තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පිටත්ව ගිය බව නාවික හමුදාව සඳහන් කළා.
