
ආපදාවට ලක්වූවන්ට ආහාර සැපයියයුතු ආකාර ගැන සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම් ගෙන් චක්‍රලේඛයක්
හදිසි අවස්ථාවල්දී පීඩාවට පත් පුද්ගලයින් සඳහා ආහාර සහ පෝෂණ අවස්ථා සපුරා ලීම සඳහා මාර්ගෝප දේස ඇතුලත් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.
එහි දැක් වෙන්නේ හදිසි ආපදා අවස්ථාවල දී ආරක්ෂිත ආහාර,පිරිසිදු ජලය සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක සේවා අඛණ්ඩව ලබාගත හැකි බව සහතික කිරීම ඉතා වැදගත් බවයි.
ඒ අනුව ආහාර ලබාදීමට මූලික ක්‍රම දෙකකින් කළ හැකි බව එම චක්‍ර ලේඛයේ පෙන්වා දී තිබෙනවා.
1. පිසූ ආහාර
2. වියලි සලාක
මෙම මාර්ගෝපදේශයන් හි ශ්‍රී ලංකාව තුල උද්ගතවන හදිසි ආපදා අවස්ථාවක එහි මූලික අවධියේ දී සහ නැවත යථාතත්ත්වයට පත් වන කාලය තුල දී අවතැන් පුද්ගලයින් සඳහා ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ දී ( පිසූ ආහාර සහ වියලි සලාක ලබා දීමේ දී ) පහත නිර්දේශයන් සහ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දැනුම් දී තිබෙනවා.
පිසූ ආහාර ලබාදීම
ගංවතුර, නායයාම් සහ සමූහ අවතැන්වීම් වැනි හදිසි ආපදාවලදී බලපෑමට ලක් වූ ජනයාට බොහෝවිට ඔවුන්ගේ සුපුරුදු ආහාර ප්‍රභවයන් වෙත ප්‍රවේශය අහිමි වේ.
එබැවින් විපතට පත් ජනතාව මුදවාගැනීමේ මූලික මෙහෙයුම් ක්‍රියාත්මකවන අවධියේදී පිසූ ආහාර අවතැන් වූවන් රැඳී සිටින නිවෙස් තාවකාලික නවාතැන් හෝ ඉවත් කිරීමේ කඳවුරු වෙත ලබා දීමට අවශ්‍ය බව අදාල ච්ක්‍රලේඛයෙන් පෙන්වා දී තිබෙනවා.
අදාල චක්‍ර ලේඛයෙන් දැනුම් දී ඇත්තේ එම ආහාර පිළියෙල කිරීම සඳහා ප්‍රජා මුළුතැන් ගෙවල් හෝ ජංගම ආහාර පිසීමේ ඒකක භාවිත කළ හැකි බවයි.
එසේ ආහාර පිළියෙල කිරීමේ දී ආහාරවල ආරක්ෂිතතාව මෙන්ම පෝෂණ ගුණය ද සහතික කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව චක්‍රලේඛයේ දැක් වෙනවා.
ආහාර සැලසුම් කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම
සමබල සහ සංස්කෘතික වශයෙන් ගැලපෙන ආහාර වේලක් ලබාදීම අදාල චක්‍ර ලේඛයේ දක්වා තිබෙනවා.
බලපෑමට ලක් වූ ජනතාවගේ සාම්ප්‍රදායික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ගැලපෙන සහ පෝෂදායී වූ සමබල ආහාර වේලක් ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරය සිය චක්‍රලේඛයෙන් දැනුම් දෙනවා.
අදාල ච්ක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ මෙහිදී ලබාදෙන්නා වූ ආහාර වේල මගින් එම පුද්ගලයින් ගේ ශක්ති අවශ්‍යතාව මෙන්ම ප්‍රෝටීන සහ සහ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාව ද සපුරා ලිය යුතු බවයි.
වැඩි අවදානම් සහිත පුද්ගලයින් හඳුනා ගැනීම
ළදරුවන් ( මාස 6 – 12 ),කුඩා දරුවන් ( අවු. 1-2) පෙර පාසල් දරුවන් ( අවු.2-5) ගැබිනි සහ කිරිදෙන මව්වරුන් ,වැඩිහිටි පුද්ගලයින් සහ බෝ නොවන රෝග ඇති පුද්ගලයින් යනු විශේෂ අවදානයක් යොමු කළයුතු කණ්ඩායම් වන බව චක්‍රලේඛයෙන් පෙන්වා දී තිබෙනවා.
එහි දැක් වෙන්නේ හැකි සෑම අවස්ථාවක දීම මෙම කණ්ඩායම් සඳහා සුදුසු ආහාර වර්ග ( උදා; වැඩිහිටියන් සඳහා සැපීමට සහ ගිලීමට පහසු මෘදු ආහාර, බෝ නොවන රෝගීන් සඳහා ලුනු ,සීනි අඩුවෙන් යෙදූ ආහාර ) ලබාදිය යුතු බව චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙනවා.
ළදරුවන්ට මාස 6 ක් වනතුරු අනිවාර්යයෙන් මව් කිරි ලබාදිය යුතු බවත් , අවුරුදු 2 දක්වා කුඩා දරුවන්ට ප්‍රමාණවත් පෝෂණය ලබාදීම සහ රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා මව් කිරි දීම දිගටම කළ යුතු බව අදාල චක්‍රලේඛයෙන් දැනුම් දෙනවා.
එහි දැක්වෙන්නේ පෝෂදායී අමතර ආහාර පිළියෙල කරන තුරු ත්‍රිපෝෂ / වෙනත් අතිරේක ආහාර ( දිනකර ග්‍රෑම් 100 බැගින් )ලබා දෙන ලෙසයි.
සෑම ආහාර වේලක් සඳහාම හැකි සෑම විටම අඩුවෙන් පාහින ලද හෝ අඩුවෙන් තම්බන ලද සහල් තිරිඟු හෝ සහල් පිටිවලින් සකස් කරන ලද ආහාර මඥ්ඥොක්කා , බතල වැනි අලවර්ග කොස් හෝ දෙල් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙනවා.
අදාල සෙසු ආහාර ලයිස්තු පහත ඇමුණුමේ දක්වා ඇති පරිදි වේ.
මෙම චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ පළාත් ප්‍රධාන ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ ආයතන ප්‍රධානීන් වෙතයි.






